එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඕනෑම කෙනෙකුට ඉවත්විය හැකි බවත්, කිසිවෙකුත් බලෙන් සන්ධානයේ තබා නොගන්නා බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා සන්ධානයෙන් ඉවත්වී ස්වාධීන වන බවට සඳහන් කර තිබෙන බවත්, එහෙත් සන්ධානය තුළින් මැතිවරණයට ඉදිරිපත් වීමේදී එවැනි පක්ෂයකින් කිසිවෙකුත් මැතිවරණවලට ඉදිරිපත් වී නොමැති බවත් ඔහු පවසා සිටියේය.
පක්ෂයක් ගැන නොදන්නේ වුවද විමල් වීරවංශ මහතාට මන්ත්‍රීවරයෙකු ලෙස ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත් ඒ සඳහා අවස්ථාව ලබාදෙන බවත්, එය විධිමත් ලෙස ඉල්ලුම් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව ස්වාධීන වන්නේ මන්ත්‍රීවරයා පමණක්ද,නොඑසේ නම් තවත් පිරිස සිටිනවානම් ඔවුන් පිළිබඳවදලිඛිතව දැන්විය යුතු බවත් ලේකම්වරයා පවසා සිටියේය.
මේ නිසා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ස්වාධීන විය යුතු නම් නැවත ලිපියක් මගින් විධිමත් ලෙස දැන්විය යුතු බවද හෙතෙම කියා සිටියේය.