බැඳුම්කර සිද්ධිය සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නේ නම් චූදිතයන්ට විරුද්ධව නඩු පැවරීමට අවස්ථාව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් පෙන්වා දී තිබේ.
භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා කැඳවා ඇති සර්වපාක්ෂික නියෝජිත රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපතිවරයා විසින් එවා ඇති ලිපියට පිළිතුරු යවමින් විරවංශ මහතා මේ බව සඳහන් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට අසුන් ගන්නා විනිසුරුවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කොමිසම මගින් බැඳුම්කර සිද්ධියේ චූදිතයන් වූ පිරිස් වැරදිකරුවන් බවට සාක්ෂි මඟින් ඉදිරිපත් කර තිබෙන බවත්, එබැවින් මේ සම්බන්ධව තවදුරටත් වාද කිරීමට දෙයක් නොමැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.