ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ලබන 13 වැනිදාත්, ඔහුගේ බිරිඳ වන ෂෙහාෂා උදයන්ති රණසිංහ මහත්මියට හෙට (12දා) දිනයෙත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන්නැයි දන්වා තිබේ.
මේ පිළිබඳව වීරවංශ මහතාගේ නීතීඥ කපිල ගමගේ මහතා එම විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලිපියක් යවමින් කියා ඇත්තේ මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයේ වාසි ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි.
ඉහත කී දිනවල පෙ.ව. 9.00 ට මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින්නැයි වීරවංශ මහතාට සහ ඔහුගේ බිරිඳට ඊයේ මධ්‍යහ්න 12.45 ට පමණ ලිපියක් මගින් දන්වා තිබුණේ මේ මස 04 වැනි දිනැතිව බවද ඔහු කීය.
මෙම මූල්‍ය ඒකකය පිහිටුවීමට මුල් වූ අගමැතිවරයා සමග එකම දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වී සිටින විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ ඡන්ද ප්රචාරක කටයුතුවලට සම්බන්ධ වී සිටින නිසා ඉහත කී දිනවලදී මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකි බවත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් නීතීඥ කපිල ගමගේ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් ඉල්ලා තිබේ.