ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග පැවැති සියලු සම්බන්ධතාවලින් ඉවත්ව ස්වාධීන මන්ත්රී කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවත්, තම අයිතීන් පිළිගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වන බව තමා මීට පෙරද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළ බවත්, ඒපිළිබඳ කථානායකවරයා සොයාබලා පසුව ප්රකාශයක් සිදුකරන්නේ යැයි පැවසූ බවත් විමල් වීරවංශ මන්ත්රීවරයා කීය.
එසේ ප්රකාශ කර බොහෝ කාලයක් ගත වුවද කථානායකවරයා මේසම්බන්ධ ස්ථාවර ප්රකාශයක් නොකළ බැවින් තම අයිතීන් වහාම ලබාදීමට කටයුතු කරන්නැයිද මන්ත්රීවරයා ඉල්ලා සිටියේය.