විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර වැනි අය මැතිවරණයකට තනිවම තරග කර ජයග්‍රහණයක් නොමැති බව දන්නා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර කඩාගන්නා කෑල්ලේ නායකයන්වීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අමාත්‍ය සරත් අමුණුගම මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කළහොත් එහි වාසිය එක්සත් ජාතික පක්ෂයට හිමිවන බවත්, මෙම පිරිස උත්සාහ කරන්නේ එය ඇති කිරීමට බවත් ඔහු පවසා සිටියේය. එහෙත් කුමක් සිදුවුවද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවද ඔහු පවසා සිටියේය.
ඊයේ (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.