පසුගිය රජය සමයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා මෙම මස (20දා) දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය අද (06දා) නියෝග කළාය.
කොළඹ කොටුව අධිකරණයේ එම නඩුව කැඳවූ අවසථාවේදී මහේස්ත්රාත්වරිය විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. මෙහිදී වීරවංශ මහතා නිතීඥවරයෙකුගේ සහයෝගයක් නොමැතිව අධිකරණය හමුවේ පෙනී සිටියේය.