ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා යළිත් අප්‍රේල් මස 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (03දා) නියෝග කළේය. විමල් වීරවංශ මහතා වෙනුවෙන් ඇප ඉල්ලා ඔහුගේ නීතිඥයින් අප අයැඳුමක් අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒ සඳහා වන තීරණයද අප්‍රේල් 07දා ප්‍රකාශ කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.