මත්තේගොඩ සහ කහතුඩුව ප්රදේශවල ක්රියාත්මක කළ නිවාස යෝජනා ක්රමවල ඉදිකරනු ලැබූ නිවාස හිටපු නිවාස සංවර්ධන ඇමති විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන් අතර බෙදාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බරපතළ වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
ඒ අනුව විමල් වීරවංශ මහතාගේ මස්සිනාවරුන් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙකුගේ ප්රකාශ කොමිසමේ නිලධාරීන් විසින් සටහන් කරගෙන ඇත.
විශාල වටිනාකම්වලින් යුතු රජයේ නිවාස ඉතාම අඩු මිල ගණන්වලට නිසි ක්රමවේදයකින් තොරව තම ඥාති හිතවතුන්ට ලබා දී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇතැයිද කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.