පාර්ලිමේන්තු මන්ත්රි විමල් වීරවංශ මහතා ඇතුළු 7 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදුකර මාර්ග අවහිර කළ බවට ඔවන්ට චෝදනා එල්ල වී ඇත.
මීට අදාළව ලැබුණු නොතීසියකට අනුව විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, රොජර් සෙනෙවිරත්න, මොහොමඩ් මුසම්මිල්, පියසිරි විජේනායක යන මහත්වරුන් ඇතුළු 7 දෙනා අද(18) අධිකරණය හමුවේ පෙනී සිටි අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මෙරට සංචාරයක නිරත වන අතරතුර මොවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වූ බව පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.
වීමල් වීරවංශ මහතාගේ බිරිද ද විදේශ ගමන්බලපත්ර දෙකක් ළඟතබාගැනීම සම්බන්ධ චෝදනාවට අධිකරණයට පැමිණ සිටියි.