කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ අ.පො.ස උසස් පෙළ පෞද්ගලික අයදුම්කරුවන් පෙනී සිටි විභාග මධ්‍යස්ථානයේ ජංගම දුරකථන ළඟ තබාගෙන විභාගය ලියමින් සිටි පෞද්ගලික අයදුම්කරුවන් තිදෙනෙකු ඊයේ (25දා) විභාග නිරීක්ෂණ නිලධාරියෙකුට සොයාගත හැකිවි තිබේ.
රසායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියමින් සිටියදී මෙම ජංගම දුරකථන සමග අයදුම්කරුවන් තිදෙනා හසුවී තිබේ. ඉන් එක් ජංගම දුරකථනයක් මිලෙන් අධික එකක් බව කියයි.ජංගම දුරකථන තුන නිරීක්ෂකයන් භාරයට ගෙන විභාගයේ පිළිතුරු ලිවීමෙන් අනතුරුව එම අයදුම්කරුවන් තිදෙනාගෙන් ප්‍රකාශ තුනක් සටහන් කරගෙන ඔවුන් මුදාහැර තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට විභාග කොමසාරිස්වරයාට දැනුම් දී ඇත.
ත්‍රිකුණාමල නේත්‍රාංජලී