පසුගිය කාලයේදී පැවති අ.පො.ස සාපෙළ හා උ.පෙළ විභාගවලදී යම් විෂයකට ලකුණු 35 කට වඩා අඩුවෙන් ලබාගත් සිසුන් සමත් කර පෙන්වීමට කටයුතු කර ඇතැයි වාර්තා වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එසේම 18 – 25 අතර ලකුණු ලබාගත් සිසුන්ද සමත් වූ බවට සඳහන් කරමින් විභාග සමත්වීමේ ප්‍රතිශතය ඉහළ අගයක තිබෙන බවට ව්‍යාජ කරුණු ඉදිරිපත් කර තිබූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේදී කාල්ටන් පෙර පාසල සඳහා විශේෂ වරප්‍රසාදයක් ලබාදී තිබුණු බවයි.වහාම ක්‍රියාත්මක වන පරිදි එය නවතා දමන්නැයි නිලධාරීන්ට උපදෙස් දුන් බවද කාරියවසම් මහතා පවසා සිටියේය.