විභාග මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන ආ විභාග අපේක්ෂකයන් දෙදෙනෙකුගේ විභාග ප්‍රතිඵල සම්පූර්ණයෙන් අත්හිටුවීමට කටයුතු කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව ප්‍රශ්න පත්‍රයක උපදෙස් පත්‍රිකාව විකෘති කර තම ෆේස්බුක් ගිණුමේ දැමූ අපේක්ෂිකාවට එරෙහිවද විභාග පනත අනුව කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කල්මුණේ හා මඩකලපුව විභාග මධ්‍යස්ථාන දෙකේ දුරකථන සන්තකයේ තිබූ අපේක්ෂකයන් දෙදෙනා සොයා ගැනීමට හැකි වූයේ විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කණ්ඩායම සිදුකරන ක්ෂණික මෙහෙයුම්වලදී බවත්, මෙහිදී කල්මුණේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා සහ නිරීක්ෂකයන් ඉවත් කිරීමටත් කටයුතු කළ බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එන්.එම්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ඉංජිනේරු තාක්ෂණ විෂයට අදාළව පළමු ප්‍රශ්න පත්‍රය සමග ලබාදෙන උපදෙස් පත්‍රිකාව විකෘති කර ෆේස්බුක් ගිණුමේ දැමූ ගම්පහ ප්‍ර‘දේශයේ විභාග මධ්‍යස්ථානයක විභාගයට මුහුණදෙන විභාග අපේක්ෂිකාව අදාළ වරද පිළිගෙන තිබෙන බවත්, ඇයට එරෙහිවද විභාග පනතට අනුව කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
විභාග මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන රැගෙන ඒම විභාග අපේක්ෂකයන්ට සහ නිරීක්ෂකයන්ට සපුරා තහනම් බවත්, එම නීති ඇතුළු විභාග නීති උල්ලංඝනය කරන්නන් පිළිබඳව සොයා බැලීමට විභාග දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂකවරුන් 512 දෙනෙකු යොදවා තිබෙන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.