ෙඋසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ගේ ආරක්ෂාව සඳහා විභාග මධ්‍යස්ථාන අවට ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
මීට අමතරව විභාගයට පෙනී සිටින දරුවන්ගේ ආරක්ෂාව සඳහා විභාග මධ්‍යස්ථාන තුළට මදුරු විකර්ෂණ ආලේප කරගෙන පැමිණීමට අවස්ථාව ලබාදෙන බවද හෙතෙම පවසා සිටියේය.
දෙමවුපියන් මේ පිළිබඳ අවධානය යොමුකළ යුතු බවද පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.