අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ සියලුම ප්‍රවර්ධන කටයුතු මේ මස 27 වන දින මධ්‍යම රාත්‍රී 12.00 අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේතුව සඳහන් කරයි.
උසස් පෙළ විභාගය අගෝස්තු 2 වන දින සිට 27 වන දින දක්වා පැවැත්වෙන බවත් මේ අනුව මේ මස 27 වන දින සිට ලබන මස 27 වන දින දක්වා මෙම නීතිය ක්‍රියාත්මක බවද විභාග කොමසාරිස් ඩබ්ලිව් එම්.එන්.ජේ.පුෂ්ප කුමාර මහතා සඳහන් කළේය.
මේ අනුව අදාළ කාලය තුළදී අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, දේශන, සම්මන්ත්රණ, වැඩමුළු, විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීම, බෙදාහැරීම මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මාධ්‍යවලින් ප්‍රසිද්ධ කිරීම සපුරා තහනම් බවද පවසා සිටියේය.
මෙම නිතී උල්ලංඝනය කරන්නන් පිළිබඳව 0112784208 හෝ 1911 දුරකථන අංක ඔස්සේ විභාග දෙපාර්තමේන්තුවත් 0112421111 හෝ 119 දුරකථන ඔස්සේ පොලිස් මූලස්ථානයත් දැනුවත් කළ හැකි බවද කොමසාරිස්වරයා පවසා සිටියේය.