විභාග දෙපාර්තමේන්තුව සඳහා ඩිජිටල් සහ නවීන මුද්‍රණ ක්‍රම හඳුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පැවසීය. එමෙන්ම ක්ෂේත්රය තුළ තීන්දු තීරණ ගැනීමේ දී විනිවිදභාවයෙන් හා නිවැරදිව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබදවත් අවධාරණය කළ අමාත්‍යවරයා පසුගිය සමයෙහි ඇතැම් විභාගවලදී යම් යම් දෝෂසහගත අවස්ථාවන් හේතුවෙන් විභාගවල විශ්වාසනීයත්වය බිඳවැටුණු අවස්ථා පැවති නමුත්, මෑත වකවානුව තුළ එවැනි තත්වයන් මතුනොවීමට වගබලාගැනීම මෙන් ම, විභාගවල විශ්වසනීයත්වය සහ ගෞරවය ආරක්ෂාකිරීම සම්බන්ධයෙන් වත්මන් විභාග කොමසාරිස්වරයා වෙත සිය ස්තුතිය ද පළ කළේය.
අමාත්‍යවරයා මේ අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහි අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගාරය විවෘතකිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදීය.