ගංවතුරින් සහ නායයෑම්වලින් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය ආධාර තොගයක් චීන රජයේ පරිත්‍යාග ලෙස රැගෙන චීන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ (03දා) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම යානය තුළ ඇමෙරිකානු ඩොලර් 2.2 හෙවත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 330ක් වටිනා ආධාර ද්‍රව්‍ය තොගයක් තිබුණි .
ඒවා අතර කූඩාරම් - 600ක්, ඇඳ ඇතිරිලි - 5000ක්, ජීවිතාරක්ෂක කබා - 20,000ක්, බ්ලැන්කට් - 20,000ක් සහ වැසි ජල ආරක්ෂක පාවහන් යුගල් 1000ක් ද තිබුණි .
මෙම ද්‍රව්‍ය තොගය චීන ගුවන් සේවයට අයත් බෝයිං -747 - 400 එෆ් වර්ගයේ විශාල භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියේය .
වත්මන් ආපදා තත්ත්වය හමුවේ ගුවන් මගින් මෙසේ ආධාර ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි පළමු ගුවන් යානය මෙයයි.
මෙම ආධාර ද්‍රව්‍ය තොගය බාර ගැනීමට විදේශ අමාත්‍ය රවි කරුණානායක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති යී ෂියෑන්ලියෑන් මැතිතුමා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .