ආපදාවෙන් විපතට පත් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් සහන සැලසීමට බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ පොරොන්දුව මත ලබාදුන් මූල්‍යාධාර නිල වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
බංග්ලාදේශ් මහකොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
රටේ ව්‍යසන තත්ත්වයක් පවතින අතරතුර වුවද අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් වෙනුවෙන් බංග්ලාදේශය ලබාදෙන සහයෝගය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා එය ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂී ලක්ෂණයක් බවද කියා සිටියේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා මෑත කාලයේදී ඉහළ ප්‍රගතියක් කරා ගමන්කර තිබෙන අතර, එම සබඳතා සෑම ක්ෂේත්රයකින්ම තවදුරටත් ඉහළ නංවා ගැනීම බංග්ලාදේශයේ අරමුණ බව මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.
බංග්ලාදේශයේ ආපදා කළමනාකරණ හා පශ්චාත් පුනරුත්ථාපන වැඩසටහන් මගින් ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව මහකොමසාරිස්වරයා මෙහිදී විස්තර කළ අතර, ඉන් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහයෝගයන් පිළිබඳ සොයා බලන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියේය.
බංග්ලාදේශයේ වගා කෙරෙන නියං කාලවලට ඔරොත්තු දෙන කෘෂිබීජ වර්ග මෙරටට හඳුන්වා දීමේ හැකියාව සොයා බලන බවද ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.