අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිලිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත විය.
නාය යාම සිදුවූ සාමසර කන්ද ප්‍රදේශය වෙත ගිය ජනාධිපතිවරයා එය නිරීක්ෂණය කළ අතර විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතුවල නිරතව සිටින ආරක්ෂක අංශ සාමාජිකයින් ද හමුවී එම කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය.
නාය යාමෙන් විනාශයට පත් සිරිපුර, පල්ලේබාගේ ඇතුළු ප්‍රදේශවල ද සංචාරය කරමින් නාය යාමෙන් සිදුවූ හානිය නිරික්ෂණය කළේ ජනාධිපතිවරයා අවතැන් වූ ජනතාව රඳවා සිටින අරණායක දික්පිටිය රාජගිරිය විද්‍යාලය වෙත සහ හත්ගම්පළ විද්‍යාලය වෙත ද ගොස් එම ජනතාව හමු වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ අඩු පාඩු විමසා බැලීය.
එම ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නොඅඩුව සපයා දෙන ලෙසටත් විශේෂයෙන්ම ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිලිබඳ සැළකිලිමත් වන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.