ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගත්තද ඒකාබද්ධ විපක්ෂයත් සමග එකතු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
මීට අමතරව පොහොට්ටුව පැමිණ තම කණ්ඩායම සමග එකතු නොවන බවත්, විපක්ෂයේ අසුන් ගත්තද රටේ සුභසිද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගන්නා තීන්දුවලට සහයෝගය ලබාදෙන බවද පවසා සිටියේය.
විපක්ෂයේ වාඩි වී ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය අරගලය සිදුකරන බවද අද (12) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.