දැනට විපක්ෂය නියෝජනය කරන පසුගිය රජයේ අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර සහ අධීක්ෂණ මන්ත්‍රී ධුර දැරූ මන්ත්‍රීවරුන්ට ඔවුන් පෙර විෂය ආවරණය කළ අමාත්‍යාංශවලින් වාහන දෙක බැගින් මුදාහරින ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව 'අද' ට වාර්තා වෙයි.
එහිදී, මෙම මෝටර් රථවලට අවශ්‍ය ඉන්ධන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හරහා සම්බන්ධීකරණය කරගන්නා ලෙස පවසා ඇති අතර, ඊට අවශ්‍ය රියදුරන් අදාළ අමාත්‍යාංශවලින්ම ලබාදෙන ලෙසද පවසා තිබේ. එම රියදුන්ට සාමාන්‍යයෙන් අමාත්‍යවරයෙකුගේ රියදුරෙකුට ලබාදෙන වැටුප, අතිකාල දීමනා හා යැපීම් දීමනා සමග ලබාදෙන බවද වාර්තා වෙයි.
මේ සඳහා වූ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් වඩුගේ මහතාගේ අත්සන සහිතව ඊයේ (05දා) සවස නිකුත් කර ඇති බවද වාර්තා වෙයි.
මීට අමතරව, ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හිටපු අමාත්‍යවරුන්ට, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට හා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ෆැක්ස් මගින් ලිපියක් යවමින් තමන්ට මෙම වරප්‍රසාදය ලබාදෙන බවත්, එය අදාළ අමාත්‍යාංශවලින් ලබාගැනීමට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණ කටයුතු පවත්වා ගන්නා ලෙසද පවසා තිබේ.
මෙම වරප්‍රසාදය පිළිබඳව සැලවීමත් සමගම අදාළ වාහන ලබා ගැනීමට හිටපු අමාත්‍යවරු කීපදෙනෙකුම ඊයේ සිටම ඊට අදාළ කටයුතු සිදු කර ඇති බවද වාර්තාවේ.