පදනමක් නැතිව යෝෂිතව, නාමල්ව, ගෝඨාභයව ගන්න ඕනෑ කියා ඉලක්ක කර පවසන්නේ දේශපාලකයන් බවත් එවැනි පදනමක් නැති ප්‍රකාශ නොකර පොලිස් පරීක්ෂණයක් කර ක්‍රමවේදයකට එය විය යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ අද (03) මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා ඉතිහාසයේ කවරදාකටත් වඩා විපක්ෂයක ඇති අවශ්‍යතාව මේ වන විට මතු වී ඇති බවත් අද පාර්ලිමේන්තුවේ ඇති විපක්ෂය විරුද්ධ මත ඇති ජනතාවගේ මතය ගෙන නොයන නිසා විපක්ෂයක් අවශ්‍ය බවත් විරුද්ධ මත කතා කරන්න ප්රජාතන්තවාදී රටක අවශ්‍යතාවක් බවත් එවැනි මතයක් දරන පක්ෂයකට සහයෝගය දක්වන බවත් පැවසීය.
වත්මන් පාලනයට කියූ බොරු ඔප්පු කර ගත නොහැකිව විවිධ පාර්ශ්ව හිරේ දමන බවත් ඔහු පැවැසීය.