එළැඹෙන පාර්ලිමේන්තුවේ විපක්ෂනායක තනතුර සඳහා පුද්ගලයෙකු පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් බලය දුන්නත් සන්ධානයේ විපක්ෂ කණ්ඩායමේ අදහස අනුව එම පත්කිරීම නොකිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තීරණය කළ බව තේරීපත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
සන්ධානයේ පක්ෂ නායක රැස්වීම අද පෙරවරුවේ කොළඹදී පැවැතියේය. එහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින කණ්ඩායමට විපක්ෂනායකවරයා තෝරාපත් කර ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්නැයි ජනපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඒ අනුව ජනපතිවරයා ඒ සඳහා කැමැත්ත ලබා දුන් බවත් විමල් වීරවංශ මහතා පැවැසීය.
සන්ධානයේ නායකයා ලෙස ජනපතිවරයා මෙම තීරණය ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.