හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ප්රතික්ෂේප කරන්නේ නම් ඒ සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා නම් කරන්නැයි ජාතික සංවිධාන එකමුතුව එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අද (01දා) ඉල්ලා සිටියේය.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ, ශ්රී ලංකා නිදහස් පක්ෂය මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ ජාතික ආණ්ඩුවකට විරුද්ධව බවයි.
මීට පෙර අවස්ථාවකදීද දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂනායක ධුරය ලබා දෙන්නැයි මන්ත්රීවරුන් පිරිසක් අත්සන් ලේඛනයක් සකස් කර තිබුණු බවද අමරසේකර මහතා පවසා සිටියේය.