සම්මුතිවාදී රජයේ ගිවිසුම් කාලය එළැඹෙන දෙසැම්බර් මාසයේදී අවසන් බැවින් ඉන් ඉදිරියට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියි.
ඒකාබද්ධ විපක්ෂය, විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා විනා විපක්ෂ නායක තනතුර සඳහා ඉල්ලුම් නොකළ යුතු බවට ජනාධිපතිවරයා කළ ප්රකාශය මත ඒකාබද්ධ විපක්ෂය වසර දෙකක කාලයක් විපක්ෂයේ භූමිකාව ඉටු කළ බව එහි ප්රකාශකයෙක් පැවසීය.
වර්තමාන පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයේ භූමිකාව ඉටු නොකරන බැවින් ඒකාබද්ධ විපක්ෂයට ඒ අවස්ථාව ලබා දෙන ලෙසට ඔවුහු ඉල්ලා සිටිති.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිල වශයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂයේ භූමිකාව ඉටුකිරීමට මෙතෙක් ඉඩකඩ ලබාදීම නිසා ලබන වසරේ සිට නිල විපක්ෂ නායකකම ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද එහි ප්රකාශකයෙක් පවසා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී පිරිස විසින් එහි නායක දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)