අට වැනි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්දන් මහතා පත්කිරීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කළේය. දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ ආසන 16ක් තිබේ. පාර්ලිමේන්තුව දෙවැනි දිනයට අද (03දා) රැස්විය. ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද විවාදයක් පැවැත්වීමට නියමිතය.