විපක්ෂ නායක ධුරය පිළිබඳ තීන්දුව කථානායකවරයා විසින් අද (07දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයේ අමාත්‍ය තනතුරු ලබාගැනීමත් සමග විපක්ෂ නායක ධුරය සඳහා යෙදිය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.
එහිදී විපක්ෂයේ ඇතැම් පක්ෂ එය මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට හිමිවිය යුතු බවට තර්කයක් මතුකරන අතර, දෙමළ ජාතික සන්ධානය එය තම පක්ෂයට හිමිවිය යුතු බවට අදහස් දරයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ද විපක්ෂ නායක ධුරය ලැබීමට සුදුසුකම් ඇති බව සඳහන් කරයි. මේ වන විට විපක්ෂ නායක ධුරය හොබවනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාය.