විපක්ෂයට සුවසේ සිටීමට විපක්ෂ නායකගේ කොළඹ කාර්යාල පරිශ්‍රය ඇතුළත රුපියල් 58,280,036.49 ක වියදමකින් විපක්ෂ නායක කාර්යාලයක් සඳහා අතිරේක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අද (30දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.