අගවිනිසුරු ඇතුළු අධිකරණ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිකිරීමට සම්බන්ධ යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තු සතියේදී විවාදකර සම්මත කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු කටයුතු ආරංචිමාර්ගපැවසීය.
ඒඅනුව අද(03දා) පෙරවරු 11.00 ට පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී මේසම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
මෙම යෝජනාවට අනුව අග්රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයන්,අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට සැලසුම්කර ඇත.
ඒ අනුව ඉහත සඳහන් පුද්ගලයන්ගේ වැටුප් 2016.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2020.01.01 දක්වා අදියර 05කින් ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇත.
අග්‍රවිනිශ්චයකාරවරයාගේ වැටුප රුපියල් 145,000 සිට රුපියල් 181,250 දක්වාද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ගේ සහඅභියාචනාධිකරණයේ සභාපතිවරයාගේ වැටුප් රුපියල් 135,000 සිට රුපියල් 168,750 දක්වාද, අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුප් රුපියල් 131,500 සිට රුපියල් 164,375 දක්වාද ඉහළ දැමීමට යෝජනා කර ඇත.
අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම යෝජනාව මාස කිහිපයක සිට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබිණි.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108(1) ව්‍යවස්ථාව ප්‍රකාරව අග්රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්,අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයන් සඳහා මාසික වැටුප් පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුය යනුවෙන් දක්වා තිබේ.