වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
එසේම මහාධිකරණ විනිසුරු ශ්‍රියානි ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස දිවුරුම් දීම ද මෙහිදී සිදුවිය. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාද මේ අවස්ථාවට එක්විය.