අපරාධයක වින්දිතයන්ට සහ චූදිතයන්ට ආරක්ෂාව හා සහන ලබාදීමට අදාළ සුවිශේෂී පනත් කෙටුම්පතක් ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවේදී නීතිගත කිරිමට නියමිතය.
පසුගිය ආණ්ඩුව 2007 වසරේ සිට එකී පනත නීතිගත කිරීමට උත්සාහ ගනු ලැබීය. විශේෂයෙන්ම 2006 වසරේදී සිදු වූ ත්‍රිකුණාමලයේ සිසුන් පස්දෙනාගේ ඝාතනය හා මූතුර් ප්‍ර‘දේශයේ සිදු වූ සහන සේවකයන් 17 දෙනාගේ ඝාතනය සම්බන්ධ විමර්ශන විධිමත් කිරීම සඳහා මෙවැනි නීතියක් ගෙන ඒමේ අවශ්‍යතාව ඇතැම් ජාත්‍යන්තර කොටස් මතු කළේය.
ඒ අනුව එම පනත නීති කෙටුම්පත් කරන ලද අතර, එය පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයටද ඇතුළත් කරන ලදී.
ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු පිහිටු වූ නව ආණ්ඩුව එය කඩිනමින් ක්‍රියාවට නංවීමට තීරණය කර ඇත.