ඇතැම් දේශපාලන පක්ෂ සෑම සංවර්ධන කටයුත්තකටම විරුද්ධවීමට පෙළඹී තිඛෙන බවත්, ඒ තුළින් වෛරය ඇතිකර තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට උත්සාහ ගනිමින් සිටින අතර, එවැනි වාතාවරණයක් යටතේ විධිමත් සංවර්ධන කාර්යයන් සිදු කිරීම අභියෝගාත්මක කටයුත්තක් වී තිඛෙන බවත් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ, බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්මට අනුව කඩුවෙල මහනගර සභාව මගින් වැඩි දියුණුකරන ලද 'වැලිවිට පාර සහ සුහද මාවත' අද(24දා) දින ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
පසුගියදා මෙම ප්‍රදේශය විනාශ කරමින් ඇතිවුණු ගංවතුර තත්ත්වය සාමාන්‍ය වර්ෂාවකින් ඇතිවූ දෙයක් නොවන අතර, කැලණි ගෙඟ් ජල මට්ටම අධික ලෙස ඉහළයාම නිසා ඇති වූවක් බවද ඔහු කීය. මෙම තත්ත්වයන්ට අප මුහුණදිය යුතු අතර ඒ සඳහා රජයේ සියලු ආයතන, මහාමාර්ග සංවර්ධන අධිකාරිය, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, ප්‍රදේශීය සභා, නගර සභා මධ්‍යම පරිසර සංවර්ධන අධිකාරිය ඇතුළු සෑම අංශයක්ම මැදිහත්විය යුතු බවත්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමග එකතුව ඒ සඳහා විශේෂ ආයතනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය චම්පික රණවක මහතා පෙන්වා දෙයි.
මෙම අවස්ථාවටඅමාත්ය සුසිල් ප්‍රේම්ජයන්ත, කඩුවෙලහිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.