විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනනොඑන ලෙස ඉල්ලමින් ජාතික සංවිධාන සම්මේලනය කරුණු 16කින් යුතු සංඝ ආඥාවක් නිකුත්කළේය.
තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීඊයේ(03දා) පැවැති ජාතික මහා සඟ නියෝජිත සමුළුවේදී මෙය නිකුත්කෙරිණි.
ව්‍යස්ථා සංශෝධනයක් අවශ්‍ය නොවන බව මහනායක හිමිවරුන් සඳහන් කර ඇති බැවින්, බෙදුම්වාදයට ඉඩදිය නොහැකි බැවින් සහව්යවස්ථාව සම්බන්ධ අතුරු වාර්තාවේදී බෙදුම්වාදීන්ට ඉඩලැබෙන අවස්ථා ඇතිබැවින් මෙලෙස සිදුකිරීමටඉඩ දිය නොහැකි බව එහි සඳහන් වේ.
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සංයුතිය පිළිබඳ මහජන විරෝධයක් ඇති බැවින් රට බෙදීමට ඉඩදිය නොහැකි අතර, ඒ නිසා මේ සඳහා ඉඩදිය නොහැකි බවද මෙහි සඳහන් වේ.