පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාට විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න කියා අසනීපයක් හැදි එන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට විරෝධය දැක්වු අය එය ඉවත් කිරීමට යෑම විහිලුවක් බවත් ගැටඹේ රාඡෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් පවසති.
කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් මෙසේ පැවැසුයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (20දා) කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් ගේ සුවදුක් බැලිම සඳහා පැමිණි අවස්ථාවේදීය.
මහින්ද රාජපක්ෂ මහතා පැවැසුයේ එවන් තිරණයකට ඒකාබද්ධ විපක්ෂය තවම පැමිණ නැති බවත් එම තිරණය සියලු දෙනා සාකච්චා කර ගත යුතු බවත්ය.
“වත්මන් රජය හොරු රැකගෙන ජනතාවට පීඩාවක් ඇති කරනවා. උදයංගව සොයන්න රතු නෝටිස් දැම්මත් බැදුම්කරයට සම්බන්ධ හොරු අල්ලන්න කිසිවක් කර නෑ.
දේශපාලඥයන් වුණාම බැන ගන්නව දේශපාලඥයන් නොබැනපු කෙනෙක් කවුද ඉන්නෙ. මෛත්‍රීපාල ජනපති රනිල්ට බැනපු හැටි බලන්න. යූ ඇන් පීයට එකතු වෙයි කියල කවුද හිතුවෙ. එයා මහ වමේ ප්‍රතිපත්ති ගැන කතා කරනව මාවෝසේතුන් ගැන කතා කළේ. විප්ලව කාරී දේශපාලනය ගැන කතා කළේ. එහෙම කතා කරල රනිල් වික්‍රමසිංහ එක්ක දීග කෑව. බන්ඩාරනායක මැතිතුමාට එපා වු එක්සත් ජාතික පක්ෂයට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී තිබෙනවා.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට ඒ බව තේරෙනව අපි වැරැද්දක් කළේ කියල ඒ කට්ටිය හරි තින්දුවක් ගනියි. ඒ අයට අවංකව ඒකාබද්ධට ඇවිත් ස්වාධීනව කටයුතු කළ හැකියි”