නාවික හමුදාවට ලැබුණු තොරතුරක් අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත භට පිරිසක් සහ වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදුකළ වැටලීමකදී ප්රවාහනය කරමින් තිබූ විදේශීය මත්පැන් බෝතල් 182ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු කුරුදුවත්ත ප්රදේශයේදී අද (19දා) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙම සැකකරුවන් බලපත්ර රහිතව නීතිවිරෝධී අයුරින් මෙම මත්පැන් තොගය ප්රවාහනය කරමින් සිටියදී මෙලෙස අතුඅඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්පැන් තොගය හා මේ සඳහා යොදාගත් මෝටර් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මරදාන පොලීසිය වෙත බාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කරයි.