විදේශීය පාඨමාලාවන් හි නිරත රණවිරුවන් සඳහා ලබාදෙන දීමනා පිළිබඳ මෙතෙක් තිබූ විෂමතාවන් කඩිනමින් ඉවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවේදී පියවර ගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.
මේ පිළිබඳව අද (23) පස්වරුවේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් පැවති අතර, එහිදී පවතින විෂමතාවන් කඩිනමින් ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ඒ අනුව කෙටි කාලයක් ඇතුළත විදෙස් පාඨමාළාවන් සඳහා රණවිරුවන් වෙත ලබාදෙන දීමනා පිළිබඳ තිබූ විෂමතාවන් ඉවත් කරන බව සඳහන් කර තිබේ.