හසලක පල්ලේවත්ත ගාමිණී දිසානායක ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍ය ශීෂ්යාවෝ සිවුදෙනෙකු මෙම වසරේදී පැවැත්වෙන විදේශීය ජූඩෝ ක්‍රීඩා තරග සංචාරයන් සඳහා සුදුසුකම් ලබා තිබේ.
ශ්‍රී ලංකා පාසල් ජූඩෝ සංගමය මගින් 2018 වසරේ පාසල් ජූඩෝ ක්‍රීඩාවෙන් විදේශ තරග සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ තරග පසුගියදා ගම්පොළදී පැවැත් වූ අතර, එහිදී ඉහළ දස්කම් දැක් වීමෙන් ගාමිණී දිසානායක ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙම අවස්ථාව හිමිකරගෙන ඇත.
මෙම තරගකරුවන්ගෙන් කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය නියෝජනය කරන කවිදුනි භාග්‍ය ගුණතිලක ශිෂ්‍යාව 2018 ජුනි මස 01 සහ 02 යන දිනවලදී ප්‍රංශයේ පැවැත්වෙන ජූඩෝ තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන තිබේ. ඊට අමතරව මෙම විද්‍යාලයේ විරාජ් දේවින්ද, (කිලෝ ග්‍රෑම් 46 බර පන්තිය) , සඳුනි බුද්ධිකා ( කිලෝ ග්‍රෑම් 44 බර පන්තිය) සහ චතුනි ජනෝද්‍යා (කිලෝ ග්‍රෑම් 63 බර පන්තිය) 2018 ජුනි මස 12 සහ 13 යන දිනවල, පෝලන්තයේ පැවැත්වෙන තරග සංචාරයක් සඳහාද සුදුසුකම් ලබා තිබේ.
මීගහකිවුල - එන්. කේ. නිශ්ශංක