ශ්රී ලංකාවේ සංචාරය කළ ජර්මානු ජාතිකයෙකුගේ බැංකු කාඩ්පතක් සොරාගත් හෝටල් කළමණාකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. එම කාඩ්පත භාවිත කරමින් නුවරඑළිය, ඇල්ල, බදුල්ල හා මාතර යන ප්රදේශවලදී මුදල් රුපියල් 425000ක් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට 2017/10/13 ලැබුණ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.