වැලිගමදී අවස්ථා දෙකකදී විදේශිකයන්ට පහරදුන් සැකකරුවන් 13ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
පසුගිය 08 දා හා 15 දා මෙම පහරදීම් සිදුව ඇත. මෙම සැකකරුවන් ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටු සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.