විදේශගත ශ්රී ලාංකිකයින් සඳහා ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ඉල්ලා කථානායකවරයා වෙත මන්ත්රීවරුන් 22 දෙනෙකුගේ අත්සන් සහිතව ලිපියක් භාරදී තිබේ. එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්රීවරුන් එම ලිපියට අත්සන්කර ඇත.