අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීමේ වැඩසටහන යටතේ තවත් විදේශගත ශ්‍රී ලාංකිකයන් 1,443 දෙනෙකුට ද්විත්ව පුරවැසි සහතිකපත් ලබාදීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07දා) බත්තරමුල්ල සුහුරුපායේදී පැවැත්විණි.