විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තිබු මිලියන 150 ක මුදලක හිඟයක් පවතින බවද, රටවිරුවන් විදේශ විනිමය වශයෙන් රටට රැගෙන එන මුදල් මේ ආකාරයට විනාශ වීමට ඉඩදිය නොහැකි බවද විදේශ රැකියා කටයුතු ඇමතිනී තලතා අතුකෝරාල මහත්මිය පැවසුවාය .
පසුගිය කාලයේ මෙම කාර්යාංශය පාලනය කර තිබුනේ නිලධාරීන් නොව හිටපු අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය විසින් බවද , කාර්යාංශයේ කටයුතු නිරාකරණය කරන තෙක් සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය .
කුරුණෑගලදී වයඹ විදේශ රැකියා ඒජන්සි හිමිකරුවන් හමුවූ අවස්ථාවේදී ඇමතිවරිය මේ බව ප්‍රකාශ කළාය .