විදේශ විනිමය පාලනය සඳහා මහා බැංකුවට ඇති අයිතිය ගිලිහී එම බලය මුදල් ඇමතිවරයා වෙත පැවරෙන ආකාරයට සකස් කොට ඇති විදේශ විනිමය පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කොට ඇති පෙත්සම් වල තීන්දු කතානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (24දා) පැවැසීය.
පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කොට ඇතැයි කියන මෙම විදේශ විනිමය පනත් කෙටුම්පත මඟින් රටේ මුල්‍ය තත්වයට ඉතාමත් අහිතකර අන්දමින් බලපාන බව පවසමින් නීතීඥ දර්ශණ වේරදුවගේ, නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු යන මහත්වරුන් සහ පාර්ලිමේනතු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කොට ඇත.
මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතීපතිවරයා නම් කොට ඇත. විදේශ විනිමය පාලන පනත් කෙටුම්පත විදේශ විනිමය පාලනය සඳහා මහා බැංකුවට ඇති අයිතිය ගිලිහී එම බලය මුදල් ඇමතිවරයා වෙත පැවරෙන ආකාරයට සකස් කොට ඇතැයිද මෙම තත්වය රටේ මුල්‍ය තත්වයට ඉතාමත් අහිතකර අන්දමින් බලපාන බවද පෙත්සම්කරුවෝ සඳහන් කර සිටිති.
මෙම තත්වය රටේ මුල්‍ය තත්වයට ඉතාමත් අහිතකර අන්දමින් බලපාන බවද මෙම පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අහිතකර බවද මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත කිරීමට නියම කරන ලෙසද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් වල තීන්දු කතානායකවරයාට දැනුම් දෙන බව දැනුම් දුන්නේය.