විදේශ මුදල් ප්‍රේෂණ අගයේ කැපී පෙනෙන අඩුවීමක්
ශ්‍රී ලංකාව වෙත හිමිවන විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණයන්හි අගය මේ වසරේ මුල් මාස හයක කාලසීමාවේදී දරුණු ලෙස කඩා වැටීමකට ලක්ව ඇතැයි මහ බැංකුව පවසයි.
ඒ අනුව එය ප්‍රතිශතයක් ලෙස 5.7%ක අඩුවීමක් බවද ඔවුහු පෙන්වා දෙති. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයේ සඳහන් කරුණු ගෙනහැර දක්වමින් මහ බැංකුවඅද (26දා) මේ අදහස් පළ කළේය.
කෙසේ වෙතත් වසරේ මුල් මාස හයකට සාපේක්ෂව පසුගිය ජූලි මාසයේදී මෙම ප්‍රේෂණවල වටිනාකම 3.4%කින් වර්ධනය වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.
මෙම තත්ත්වය පිළිබඳ සිදුකළ විමසීමේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, එය කාලාන්තරයක් තිස්සේම පැවැති තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත් විදේශ මුදල් ප්‍රේෂණ ලැබීමේ වර්ධන වේගයේ පහත වැටීමක් සිදුව ඇතැයි හෙතෙම පවසා සිටියේය.
''මේ වසරේදී තමයි පළමු වතාවට අපි මේ වගේ විදේශ මුදල් ප්‍රේෂණවල අඩුවීමක් දැක්කේ. ඒ වගේම තමයි 2014 සහ 2015 වසරවලදීත් මෙවැනි තත්ත්වයක් ඇතිවුණා. 2014 දත්තවලට අනුව මෙරටට ලැබුණු ප්‍රේෂණවල වටිනාකම ඩොලර් බිලියන 7.5ක් වුණා. ඒත් 2015 දී එය බිලියන 6.9ක් දක්වා අඩුවුණා.
විශේෂයෙන්ම අරාබි වසන්තය, බොරතෙල් මිල පහළ වැටීම යන කාරණා අපේ මේ විදේශ රැකියාවල නිරත සේවකයන් සිටින රටවලට බලපෑවා. එහෙම තත්ත්වයක තියලා තමයි පසුගිය වසරේදී මේ ප්‍රේෂණ වටිනාකම් ඉහළ ගියේ'' යැයි හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


