ශ්‍රී ලංකා ධජය සහිතව මෙරටට අයත් මුහුදු තීරයේ මසුන් මැරීමේ නිරත වන විදේශීය නෞකා තහනම් කිරීමට තීරණය කර තිබේ.
ඒ සඳහා වන උපදෙස් ඉදිරියේදී ආරක්ෂක අංශ වෙත ලබාදීමට නියමිත බව ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කළේය.
එසේම යාත්‍රා නියාමන පද්ධතියක් වන වී.එම්.එස්. උපකරණ සවිකිරීමට තීරණය කළ බවත් හෙතෙම පැවැසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි