විදේශ තැපෑල හරහා කටුනායක ගුවන් තොටුපොළට ගෙනැවිත් තිබෙන ලිපි හා පාර්සල්වල ආරක්ෂාව පිළිබඳව බරපතළ ගැටලුවක් ඇතිවන බව තැපැල් සේවකයෝ පෙන්වා දෙති.
දෛනිකව මෙරටට ගෙනඑන ලිපි හා පාර්සල් හේතුවෙන් ගුවන් තොටුපොළේ ඉඩකඩ ප්‍රශ්නයක් හටගෙන තිබෙන බවත්, ගුවන් තොටුපොළේ නිලධාරීන් විසින් එම ලිපි හා පාර්සල් තැන් තැන්වලට ගෙනගොස් තිබෙන බවත් තැපැල් සේවකයෝ පවසති.
මේ සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවත්, එසේ නොවුණහොත් විදේශ තැපෑල මගින් ගුවන්තොටුපොළට ගෙනැවිත් තිබෙන වටිනා ද්‍රව්‍ය අතුරුදහන්වීමේ අවදානමක් තිබෙන බවත් එම සේවකයෝ වැඩිදුරටත් සඳහන් කරති.