යමෙකුගේ විදේශ ගමන් බලපත්‍රයක් අස්ථානගත වී හෝ සොරකම් කිරීමකට ලක්ව තිබීමෙන් ඒවා විවිධ අක්රමිකතාවලට යොදාගැනීමට ඇති ඉඩකඩ වැඩි බැවින් ඒ පිළිබඳව දැනගන්නට ලැබුණු වහාම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කරන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ වෙනුවෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති බවත්, එම ඒකකයට පැමිණිලි කර නව විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ හැකියව තිබෙන බවත් ආගමන විගමන සහකාර පාලක ජයවීර ප්‍රනාන්දු මහතා පැවසීය.
එවැනි පැමිණිල්ලක් ලැබුණු පසු එම ගමන් බලපත්‍රය නැවත පරිහණය කළ නොහැකි පරිදි අවලංගු කරන බවත්, ජාත්‍යන්තර පොලීසියේ ගමන් බලපත්‍ර දත්ත ගබඩාවේ එම තොරතුරු ඇතුළත් කරන බවත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.