විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
අද (30දා) විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එයට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසුවේ තේරීම් කාරක සභාවට තමාගේ විරෝධයක් නොමැති බවයි.
2010 - 2015 අතර කාලසීමාවේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සොයන ලෙසද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා යෝජනා කළේය.