විදේශ අමාත්‍ය මංගල සමරවීම මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය සඳහා සහභාගි වීම වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වෙත යන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එළැඹෙන මාර්තු 02 වැනිදා ආරම්භ වන මෙම සැසිවාරය වෙනුවෙන් ලොව පුරා රටවල විදේශ අමාත්‍යවරු 65ක් පමණ සහභාගි වීමට නියමිත බව කියැවෙයි.
මෙම සංචාරයේදී මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාඩ් අල් හුසේන් කුමරු මුණ ගැසී සාකච්ඡා කිරීමටද නියමිතය.