විදෙස් රටවල රැකියා සඳහා යාමට බලාපොරොත්තු වන හෙද හා සාත්තු සේවිකා වෘත්තිකයින් සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට Talisium නම් ඕස්ටේ්රලියානු ආයතනය එකඟත්වය පළකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ සඳහන් කරයි.
ඒ සඳහා වන අවබෝධතා ගිවිසුම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද (09දා) අත්සන් කරන ලද අතර ඒ සඳහා කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති ආර්.කේ.ඔබේසේකර මහතා අත්සන් කළ අතර, Talisium ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිළධාරී Tony Brennan මහතා අත්සන් කරන ලදී.