විදේශ රැකියාවක වසර අවම කාලයක් සේවය කර ඇති ශ්‍රී ලංකා ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් තබෙන බව අරාබි පුවත් සේවය සඳහන් කරයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙක් උපුටා දක්වමින් අරාබි පුවත් සේවය සඳහන් කරන්නේ එම ක්‍රියාවලියට අදාළ කටයුතු මේ වන විට සකස්කරමින් සිටින බවයි.ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.